Passwords

This item was filled under [ Internet, Sinhala, Timely, Uncategorized ]

පරිගණක භාවිතා කරන අපි හැමෝම බොහෝ දුරට අඩුම තරමින් එක් මුරපදයක් භාවිතා කරනව. බොහෝ අයගෙ පරිගණක වලට නම් මොන මුරපදද, ඔන් කරපු ගමන් ලොග් වෙනව නෙ :P . කෙසේ වෙතත් මේ සටහන් ලියන්න හේතු වුනේ කිහිප දෙනෙකුටම සිදුවුන සිදුවීම් නිසා. අන්තර්ජාලය භාවිතා කරන බොහෝ අයට විද්‍යුත් තැපැල් ලිපිනයක් තියෙනව. නැති අයත් නැතුවාම නොවේ. :) ඉතින් වැදගත්ම දේ තමා මේ අපි භාවිතා කරන මුරපද දන්නේ අපි පමණක්ද ? තවත් අයට මේ ගැන කියනවද ? මගේ නම් මතය මුරපදයක් තවත් කෙනෙකුට කිය යුතු නැත යන්නයි. මන්ද ඒවිට එය මුරපදයක් නොවන බැවින්. එකිනෙකා විවිද මත දරන්න පුළුවන්. මේ මගේ මතය.

ඒ වගේම අපි මුරපදයක් තෝරාගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනි මොනවද කියන එකයි වැදගත්. බොහෝ අය මුරපදය විදිහට යොදාගන්නෙ පවුලේ අයගෙ නම්, සුරතලුන්ගෙ නම්, උපන්දිනය, හැදුනුම්පත් අංක, දුරකථන අංක වැනි දෑ, මේ වගේ දේවල් පහසුවෙන් අන් අයට අනුමාන කරන්න පුළුවන්, ඒ වගේම හැකර්ස් ලට ඔබගේ විස්තර ටිකක් පමණක් දැනගෙන ඔබගේ මුරපද හොයාගන්න පුළුවන්.‍

කොහොමද අපි ශක්තිමත් අන් අයට අල්ලා ගන්න බැරි මුරපදයක් හදාගන්නෙ ?

Password Strength

මූලිකම (හැමෝම කියන) කරුණු තමා,

  • සිම්පල් (simple-case), කැපිටල් (upper-case), ඉලක්කම් (numbers) සහ වෙනත් විරාම ලකුණු (punctuation marks) භාවිතා කිරීම.
  • වඩා දිග මුරපදයක් භාවිතා කිරීම (අවම අකුරු 14 ක් ?).
  • අන් අයට අනුමාන කරන්න බැරි වෙන මුරපදයක් තෝරා ගැනීම.

මූලික කරුණු වලට අමතරව,

  • දැනට මුරපද ලෙස භාවිතා කල නොහැකි වදන් භාවිතා නොකිරීම (http://www.boingboing.net/2009/01/02/top-500-worst-passwo.html).
  • ඕනෑම ශබ්දකෝෂයක ඇති වදන් භාවිතා නොකිරීම.
  • මුරපද මතකයේ තබා ගැනීම. මතකයේ තබාගන්න අපහසුනම් LastPass (http://lastpass.com) වැනි ටූල් එකක් භාවිතා කිරීම. ජංගම දුරකථනයේ, පොත්වල හෝ කිසියම් තැනක ලියා නොතබා ගැනීම.
  • එකම මුරපදය සියළුම ගිණුම් සඳහා භාවිතා නොකිරීම. (බහුතරයක් එකම මුරපදය සෑම ගිණුමකටම භාවිතා කරයි)
  • වෙනස් කරන ලද වදන් හෝ සංකේතනාම(acronyms) භාවිතා කිරීම.

     නිද.

      *  Green village -> Gr2enVi2|age
      *  My SoN Ayd3N is 3 yeeRs old. – > MsAy3yo – > M$Ay3yo

  • භාවිතා කිරීමට පෙර මුරපද පරික්ෂා කරන ටූල් එකක් මගින් මුරපදය පරික්ෂා කර ගැනීම.

      *  http://howsecureismypassword.net
      *  https://www.microsoft.com/hk/protect/yourself/password/checker.mspx

ඒ වගේම,

  • කාලයෙන් කාලයට මුරපද වෙනස් කිරීම.
  • විද්යු්ත් තැපැල් මගින් මුරපදය ඉල්ලා සිටින විට ඒවාට ප්රෙතික්රිකයා නොදැක්වීම.
  • ඔබට පාලනයක් නොමැති පරිගණක වල මුරපද ඇතුලත් කිරීමෙන් වැලකීම.

මෙහි සඳහන් වන්නේ අත්යාගවෂයම කරුණු පමණයි, තවත් බොහෝ දෑ ඔබට අන්තර්ජාලය තුලින් සොයාගත හැක. ඒ වගෙම තමන්ගේ මුරපදය ආරක්ෂා කර ගැනීම තමා සතු වගකීමක් ලෙස සැලකුවහොත් ගැටළු ඇතිකරන අයගෙන් ජයගත හැකියි. :P

මේ කරුණු වලට අමතරව වැදගත් කරුණක් ඔබ දන්නේ නම් කමෙන්ට් එකක් ලෙස එකතු කරන්න. කියවන අයට වැදගත් වේවි.


Popularity: 1,696 views
Tagged with: [ , , ]
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

11 Comments on “Passwords”

  • 26 August, 2010, 13:25

    lastpass වගේ password manager එකක් පාවිච්චි කරන එක ලේසියි එක අතකින් 

  • 26 August, 2010, 13:28

    lastpass වලට පුරුදු වුනාට පස්සෙ lastpass නැති පරිගණකයකින් ලොග් වෙන එක ගැටළුවක්, මට වෙලා තියෙන්නෙ පාස්වර්ඩ් මතක නැති නිසා සහ lastpass වලින්ම generate කරන නිසා බොහෝ මුරපද මතක නෑ. :P  

  • 26 August, 2010, 13:51

    මම පාවිච්චි කරන tool එකක් මෙතන තියෙනවා.. පොඩි application එකක්, හැබයි පුතෝ ගත්ත password එක මතක තියාගනිල්ලා… නැත්නම ගස් ;)

    http://www.pctools.com/guides/password/

  • 26 August, 2010, 14:29

    LastPass, Recommend කරන්න පුළුවන්ද?

  • 26 August, 2010, 14:33

    l33t :-)
    http://en.wikipedia.org/wiki/Leet

    මතක තියාගන්න පුළුවන්, වෙන කවුරුත් නොදන්න නමක්,
    leet එක්ක r3m!x කරල ගන්න…

    ( උදාහරණයක් විධියට… පළවෙනි crush එක :P )

  • 26 August, 2010, 16:04

    @Fiqri එල tool එකක්, ඒත් ඒක වෙනම මතක තියාගන්න එක ටිකක් කරදරයි මට නම් :P

    @GNS මට නම් අවුලක් නෑ, මාත් දැන් සෑහෙන කාලෙක ඉදල භාවිතා කරනව. පහසුව තමා තියෙන්නෙ.

    @ශාකුන්තල විකල්ප අක්ෂරමාලා හෝ කුනුහරප හෝ විකෘති කරන ලද වචන හෝ කමක් නෑ මතක තියාගන්න පුළුවන් නම් :D

  • දැන් බලාගෙන ගියාම පාස්වර්ඩ් භාවිතයේදී මමත් ටිකක් දුර්වලයි. හැබැයි පුරුද්ද අතඇරගන්නත් අමාරුයි.

    @ශාකු– ඒකත් පට්ට වැඩක් නේ :ඩී

  • 27 August, 2010, 15:42

    කුෂාන් ඔයා විතරක් නෙවෙයි, ගොඩාත් අය දුර්වලයි :)

  • 28 November, 2010, 8:22

    mh mamanam podi formula akak hadan innawa
    eg [whatever app name] [unique word][something genaral]

    i use special characters and alpha numirics

  • 28 November, 2010, 10:08

    yeah, it is good way to generate and keep remember good password.

  • 24 December, 2010, 0:29

    @Viduruvan same here, I think that’s the best method.