එදිනෙදා

This item was filled under [ Sinhala, Timely ]

හැමදාම තාක්ෂණික දේ ලියන නිසා අද ටිකක් එයින් මිදෙන්න සිතුව. මන්ද පහුගිය දවස්වල අවම වශයෙන් පැය 12ක් වත් වැඩ කරන නිසා වගේම ශ්‍රී ලංකාවෙන් පිට ඉන්න නිසා. ‍Facebook එකේ ඉන්න යාළුවෝ නම් දකින්න ඇති Dubai International Racing Carnival (http://www.dubairacingclub.com/dubai-international-racing-carnival) එකේ පින්තූර ටිකක් දාල තියෙනව. පින්තූර සහ වීඩියෝ ක්ලිප් තියෙනව වෙලාවක් ආවහම අප්ලෝඩ් කරන්නම් කො හැමෝටම බලන්න. ඒ වගේම නිවාඩුවක් ලැබුනු ගමන් කරන්නෙ මේ රටේ තියෙන දේවල් බලන්න යන එක. ඒ අතර Dubai Aquarium & Underwater Zoo (http://www.thedubaimall.com/en/entertainment/entertainment-section/dubai-aquarium-underwater-zoo.html) සහ Avatar 3D චිත්‍රපටය Ibn Battuta Mall (http://www.ibnbattutamall.com/viewallcinemas.html) එකට ගිහින් බැළුව. මේ දෙක නම් අළුත් මරු අත්දැකීම් කීවට වැරදි නෑ. වැඩ කරන තැන (Meydan – www.meydan.ae) ත් විශේෂයි. කිලෝ මීටර් එක හමාරකට වඩා දිග පුද්ගලයින් 65,000 ක් ඉන්න පුළුවන් ලොකු grandstand එකක් හා ලෝකයේ තියෙන ලොකුම LCD තිරය මෙහි තියෙනව.

එහෙ ගොඩාක් වෙබ් අඩවි බ්ලොක් කරල තියෙන්නෙ. http://www.flickr.com පවා බ්ලොක් කරල තියෙන්නෙ. ඒ වගේම මට ආපසු ලංකාවට එන්න වුනෙත් වීසා කල් ඉකුත් වෙලා ඩිරාම් 500 ක දඩයකුත් ගෙවල. :(

මේ පින්තූර වල තියෙන්නෙ Meydan grandstand එක.
Meydan Grandstand - Hotel side

Meydan Grandstand - Suites area

මේ තමා ලොකෙ ලොකුම LCD තිරය කියල කියන LCD තිරය.
LCD Screen

තණකොළ track එක
ALL-WEATHER TRACK

ඒ වගේම ‍එහෙ අය ගොඩාක් මහන්සි වෙනව නගර අලංකාරයට.  මල් වවල ගස් වවල තියාගෙන ඉන්නව ලස්සනට. සමහර තැන්වල නම් පුවරු ගහල තියෙනව කුණු දැම්මොත් ඩිරාම් 500 ක දඩයක් ගහනව කියල.

Garden

Flowers

Flowers

Road Decoration

Flower Decorations

Water for grass

one of place in Sharjah

ලෝකයේ උසම ගොඩනැගිල්ල.
Tallest Building

Dubai Mall Aquarium හි සතුන්,
Animals in Dubai Mall Aquarium

Animals in Dubai Mall Aquarium

Animals in Dubai Mall Aquarium

Animals in Dubai Mall Aquarium

Jumaira මුහුද,
Jumaira Beach

Jumaira Beach

හැන්දෑවට ඉර බැහින දර්ශණයක්, Meydan Grandstand පිටුපස.
Evening back side in Meydan Grandstand


Popularity: 1,378 views
Tagged with: [ , , ]
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 Comments on “එදිනෙදා”

  • 22 February, 2010, 18:23

    අනර්ඝයි. ඒත් අෙප් රට ෙකාචිචර ෙද්වල් තිබිලත් අෙප් මිනිස්සුන්ට පරිසරය ලස්සනට තියා ගන්න බෑෙන්. හැම තැනම කුණු දානව. අෙප් රෙටත් දඩයක් ගැවුවනමි මරැ.

  • 22 February, 2010, 19:27

    සාමාන්‍ය චිත්‍රපටියක් බලනවාට වඩා 3D තාක්ෂණයෙන් බලද්දි තියෙන වෙනස මොකක්ද ?

  • 23 February, 2010, 9:28

    @Sanath කියල වැඩක් නෑ, මොනව නැතත් හැම තැනම පිරිසිදුයි. කඩයක් චුවත් තියාගන්න ඕනි පිරිසිදුව. එහෙම තමා එහෙ නීති රීති හදල තියෙන්නෙ.

    @ගලා  සාමාන්‍ය චිත්‍රපටයක් බලන්නෙ අපි ද්විමාන තලයක උස සහ පළළ (width and height), ත්‍රිමාන චිත්‍රපටයක් බලද්දි උස සහ පළළ සමග ගැබුරත් (depth) දැකගන්න පුළුවන්. ඒ කියන්නෙ සාමාන්‍ය සිදුවීමක් ඔබ ඇස් වලින් දකිනව වගේ චිත්‍රපටය නරබන්න පුළුවන්.

Page optimized by WP Minify WordPress Plugin