මෙය විසදුවොත් ඔබත් හපනෙක්ලු :)

This item was filled under [ Informations ]

මම සාමාන්‍ය පෙළ කරන කාලෙ පුවත්පතක තිබුනු ගැටළුවක් මාගේ පොතක් ඇතුලෙ තිබිල හමුවුනා.
ඇත්තෙන්ම මෙය හොද ගැටළුවක් කියා මා සිතනවා. ඉතින් මම සිතුව මගේ වියුණු සටහන කියවන ඔයාටත්
පුළුවන්ද කියල බලන්න මේ ගැටළුව විසදන්න. මෙහි නීතිරීති 5 ක් සහ උපකාරක පද 15ක් තියෙනව.
කියවලා බලන්නකො.  :)

නීති රීති

  1. වෙනස් වර්ගයෙන් යුත් නිවෙස් 5ක් තිබේ.
  2. මෙම නිවාස පහේ වෙනස් ජාතීන්ට අයත් පුද්ගලයින් පස් දෙනෙක් වාසය කරයි.
  3. ඒ වගේම මේ අය වෙනස් බීම වර්ග 5ක් පානය කරයි.
  4. තවද මේ අය වෙනස් සිගරට් වර්ග 5ක් පානය කරයි.
  5. එසේම මේ අය වෙනස් සුරතල් සතුන් පස් දෙනෙකු ඇති කරයි.

උපකාරක පද

  1. බ්‍රිතාන්‍ය ජාතිකයා ජීවත් වනුයේ රතුපාට නිවසේය.
  2. ස්විස් ජාතිකයාගේ සුරතල් සතා බල්ලාය.
  3. ඩේන් ජාතිකයා තේ පානය කරයි.
  4. කොළ පාට නිවස ඇත්තේ සුදු පාට නිවසට වමින්ය.
  5. කොළ පාට නිවසේ සිටින්නා කෝපි පානය කරයි.
  6. පොල් මෝල් සිගරට් බොන පුද්ගලයා කුරුල්ලන් ඇති කරයි.
  7. කහ පාට නිවසේ සිටින්නා ඩන්හිල් සිගරට් පානය කරයි.
  8. මැද ගෙදර සිටින්නා කිරි පාන කරයි.
  9. පළමුවැනි නිවසේ සිටින්නා නෝර්වීජියානුවාය.
  10. බ්ලෙන්ඩ් සිගරට් පානය කරන්නා පදිංචිව ඇත්තේ බළලා ඇතිකරන්නාගේ නිවසට ඊලග නිවසේය.
  11. අශ්වයා ඇතිකරන්නාගේ නිවස ඩන්හිල් සිගරට් පානය කරන්නාගේ නිවසට යාබද නිවසයි.
  12. බ්ලූ මාස්ටර් සිගරට් පානය කරන පුද්ගලයා බීර පානය කරයි.
  13. ජමන් ජාතිකයා ප්රිටන්ස් සිගරට් පානය කරයි.
  14. පළමුවැනි නිවසට යාබද නිවස නිල් පාටය.
  15. බ්ලෙන්ඩ් සිගරට් පානය කරන්නාගේ අසල්වැසියා වතුර පානය කරයි.

ප්‍රශ්නය : මාළුවා ඇති කරන්නේ කවුද ?

ඔබට මෙය විසදිය හැකිද ? පිළිතුර ලබන සතියේ බලාපොරොත්තු වෙන්න. ඔබ උත්සහ කලේ නම් කෙටියෙන් comment එකක් ලෙස ලියන්න.


Popularity: 295 views
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 Comments on “මෙය විසදුවොත් ඔබත් හපනෙක්ලු :)”

  • 24 March, 2008, 0:43

    මම හිතන්නේ කොළ නිවසේ සිටින, කෝපි බොන, ජරිටන්ස් සිගරට් උරන, ජර්මන් ජාතිකයා තමයි මාලුවා ඇති කරන්නේ.

  • 24 March, 2008, 11:04

    ලක්මාල්ගේ පිළිතුර නිවැරදිද ?
    අනික් අය මොනවද මේ ගැන කියන්නෙ ?

    පිළිතුර ලබන සතියේ බලාපොරොත්තු වන්න. :)

Page optimized by WP Minify WordPress Plugin