Sinhala Video Tutorials
පසුගිය සතියෙ දිනක මා දන්නා අයෙකු මට CD දෙකක් දී මේවා හොදද කියා ඇසුවේය. මමත් ඒ දෙක මාගේ පරිගණකයට දමා බැළුවිට අපූරු පරිගණක ඉගැන්ය්‍වීම් ඇතුලත් සිංහලින් කරන ලද වීඩියෝ ටිකක් දැකක. ඇත්තටම එය දැකුමකළුයි. එහි Photoshop, Word, Illustrator, VB.NET, CorelDRAW, AutoCad වැනි පරිගණක මෘදුකාංග සහ තවත් නොයෙකුත් දෑ අන්තර්ගතයි (CD දෙකෙහිම). එකක් කඩුටවල Summit Micro Technologies හී නම් More Magazine එක වන අතර අනික පන්නිපිටිය Soft Image හී Roo නම් Magazine එකයි.
ඒ වගේම මෙහි Film trailers, Game trailers, ගීත, Flash Games, Anti Virus Updates, මෘදුකාංග වැනි දෑද අන්තර්ගතයි.
නමුත් මම මෙම සංයුක්ත තැටි වල ඇති සමාජ ආචාරධර්ම වලට පටහැනි දෙයක් මෙහි අන්තර් ගතව තිබීමයි. එනම් සමහර මෘදුකාංග සමග ඒවාහී Cracks හෝ Keygens ඇතුලත්ව තිබුනා. මම සිතනව මේ දේ සිදුවිය යුතු දෙයක් නොවන විදිහට මන්ද, මා සිතනව මුල සිටම අපි පොඩි අයට මේ වැරදි වැඩ ඉගැන්වීම තුල ඔවුන් මේ වැරදි වැඩ වලට දිගින් දිගටම පුරුදු වේවි. ඒ වගේම අනිත් දේ තමා මෙහි ඇතුලත් සියළුම අධ්‍යාපනික වැඩසටහන් සිංහලින් කර තිබීම. මම සිතනව දසිංහල වැඩසටහන් වගේම ඉංග්‍රීසි වැඩසටහන් කිහිපයක්ද එකතු කලේනම් මෙය භාවිතා කරන ළමයින්ගේ ඉංග්‍රීසි දැනුමද වැඩි දියුණු වන බව.
ඒ වගේම ඔබට මේ පිළිබද වැඩිපුර දැනගැනීමට අවෂ්‍ය නම් මෙම ලිපියේ අන්තිමට ඇති මාධයයන් මගින් තොරතුරු ලබා ගත හැකි බව මා විශ්වාස කරමි.
Last week one of my known person show me 2 CDs and asked how about that. I’m also checked what is it includes. Nice to see it. It is a Sinhala Video tutorial to Children. So, It Includes tutorials in GIT, Photoshop, Word, Illustrator, VB.NET, CorelDRAW, AutoCad like lot of Applications(Both CDs). One is Kaduwela Summit Micro Technologies More Magazine and another one is Pannipitiya Soft Image’s Roo Magazine.
and also that includes Film trailers, Game trailers, Songs, Flash Games, Anti Virus Updates, Software etc.
But I have seen some wrong thing in That CDs. It is Some software includes with Cracks or Keygens. I think it is not good ethically. Coz. when those Cracks or Keygens gives little children”, when they use these kind of things in future too. Who make the CDs they can be given trial Version’s when they have or otherwise can use Free software for that. Another one is All those things in Sinhala. I think when includes Some English sessions to that, it will help to improve English knowledge in students who use this CDs.
Main thing was copy of CD you can purchase to 100/-. I think this is sufferable amount for most of us. and you can contact them for more information (These Addresses are in the CD Cover and hope no problem when contact through).
Summit Micro Technologies, #24/4, Ganewaththa Rd, Ihala Bomiriya, Kaduwela.
Tel : 0602 138600, FAX : 0112 537317
e-mail : moremag@sltnet.lk
Soft Image, 268, 1/2, Asiri Garden, Palanwatta, Pannipitiya.
Hot Line : 0773 646972
e-mail : roomagazine@gmail.com
PS: This is not a Advertisement for them. only my individual Views and Ideas.












5 Comments on “Sinhala Video Tutorials”
අපේ අයට අනුන්ගේ දෑ හා Intellectual Property and Copyright ගැන කිසිම තැකීමක් නෑ, කීයක් හරි හොයාගෙන්න ඕනේ දෙයක් කරනවා.
මේවා සිංහලෙන් නිසා අගේ කරන්න අයනම් ඕනෑ තරම් ඉන්නවා, නමුත් වැරැද්ද වැරැද්දමයි.
@කාලිංග
කියල වැඩක් නෑ, රටේ නීති තිබුනට හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ, තියෙන ඒවත් ටිකක් යල්පැන ගිය ඒව. වැරදි දී වැරදියි කියල කියන්න අවෂ්‍ය නිසයි මම ලීවේ.
මට මේ ගැන පසුව දැනගන්න ලැබුනෙ. මේ ලිපියත් කියෙවූවනම් නිවැරදි අවබෝධයක් තවත් magazine එකක් ගැන දැනගන්න පුළුවනි.
http://webalochana.blogspot.com/2007/05/ray-digital-magazine.html
ඔය දෙකට අමතරව තවත් එවා තියෙනවා. එවායේ සිංහල කැරැකින් ටියුටොරියල් පවා තියෙනවා. ඒවා නිවැරදි කරන්න ඒ අයට පුද්ගලිකව කීවත් ප්‍රයෝජනයක් අත්වුනේ නෑ. තව කින්න දේවල්නම් ගොඩක් තියෙනවා. කීව්වාය කියලා වැඩැක් වේන‍්නේ නෑ.
කොපි කරන එක වරදක් තමා.ඒක පිලි ගන්න ඕන.හැම දේකම දෙපැත්තක් තියනවා.සිංහලෙන් වැඩිපුර පරිගණක අශ්‍රිත පොත් නැති එකේ සිංහලෙන් මේ වගේ දෙයක් තියන එකත් තරමක් දුරට හෝ හොදයි නේද?. ඉංග්‍රීසි බැරි වුනාට පොටෝ ෂොප් (Photo Shop) වගේ ඒවයින් වැඩ කරන්න පුලුවන් ගම් වල කොච්චර හැකියාව තියන අය ඉන්නවාද.ඔයා කියන එකේ ඇත්තකුත් කියනවා අමාරුවෙන් හරි කියෙවුවොත් ඉංග්‍රීසි දැනුම වැඩිවෙනවා.
අපි Ubuntu වගේ OS වැඩකලාට ග්‍රාමිය පළාත් වල පරිගණක වල 99.9% ව්‍යාජ Winows xp තියෙන්නේ. ලංකාවේ නීතිය ක්‍රියත්මක කරනවා වගේම නිදහස් මෘදුකාංග ගැන දැනුවක් කිරීම් කරන්න පුලුවන් නම හොදයි. අපි අපේ ප්‍රදේශයේ දේශණ පවත්වමින් දැනුවත් කිරීම් කරගෙන යනවා.ඒවාට ඔයාගේ දැණුම අපිට ගොඩක් වටිනවා.ඔයාගේ මේ Blog එක මගේ site එකට RSS Feed වලින් අරගෙන පලකරනවා.
නිදහස් මෘදුකාංග ගැන වැඩිපුර ලියන්න. ස්තුතියි අයියා.
@dasun sameera
මටත් ඒ දේ නම් දැන් තේරෙනව.
@Chanika
වැරදි දෙයක් කොහොමද තරමක් දුරට හෝ හොද වෙන්නෙ ???
මම මෙහිදී කියන්න උත්සහ කලේ ගෙවල්වල Winows XP අව්‍යාජ පිටපත් භාවිතා කිරීම ගැන නෙවෙයි, ව්‍යාපාරයක් ලෙස අනුන්ගෙ දේවල් වලින් අහිංසක පොඩි ලමයි මුලා කර ඉදිරි සමාජයට අහිතකර බලපෑම් ඇති කිරීම ගැන. ඒ වගේම මේවාගෙන් මුදල් හම්බකිරීම ගැන. මොකද ඇමෙරිකාවෙ වුවද නිවසට පැමිණ නිවසේ පරිගණකයේ තියෙන්නෙ හොර මෘදුකාංග ද කියල බලන්නෙ නෑලූ. අනික එහෙම කලොත් අනිවාර්යයෙන්ම මයික්‍රෝසොෆ්ට් මෘදුකාංග භාවිතය අඩුවේවි.