Sinhala Support in Ubuntu

This item was filled under [ Internet, Open Source, Sinhala, Uncategorized ]

පහුගිය දවස් තිහිපයේ මගේ යාළුවන් කිහිප දෙනෙකුම Ubuntu හී සිංහල සහය ගැන විමසුවා. මම command මූලික වූ විසදුම් සොයා දුන්නද ඒ අයට එය තරමක් ගැටළු කාරී වූවා නොඅනුමානයි. ඉතින් මම සිතුව මේ සඳහා Ubuntu GUI හී ඇති Synaptic නැමැති package manager මෘදුකාංගය භාවිතා කර කිරීම නවකයන්ට පහසු වේවි කියා.

Last few days some of my friends asked about Sinhala Enabling in Ubuntu. I have give them to some command based solutions. but I have think to give some solution with GUI. because of lot of peoples are friendly with GUI and Ubutu has good package manager called Synaptic. and also this is better for newest.

පළමුවෙන්ම http://sinhala.sf.net වෙත පිවිස එහි ඇති තොරතුරු කියවන්න.

First You visit http://sinhala.sf.net and read about information provided.

System —> Administration –> Software Sources වෙත යන්න.

click on System —> Administration –> Software Sources.

System Administrator ගේ මුර පදය දෙන්න’.

type System Administrator’s Password.

සම්පූර්ණ Repository URL එක ලබාදෙන්න

give full Repository URL.

Close ‍‍බොත්තම සහ Reload ක්ලික් කිරීමෙන් Reload Window එක දිස්වේ.

Click Close button and Click Reload button when reload window is appears.

System —> Administration –> Synaptic Package Manager වෙත යන්න සහ System Administrator ගේ මුර පදය දෙන්න.

click on System —> Administration –> Synaptic Package Manager and type System Administrator’s Password.

sinhala-gnu-linux සහ scim-wijesekara, scim-sayura වැනි අවෂ්‍ය යතුරු පුවරු Right Click කර තෝරන්න. එවිට dependency තිබේ නම් ඒවා අනුමත කරන්න. ත්රීම් පහසු කරගන්න Search භාවිතා කරන්න.

Right Click on package sinhala-gnu-linux and key boards needed scim-wijesekara or scim-sayura like you wish. when dependency information message appears Accept it. to speed up the selection use Search feature'.


ඔබ තෝරා අවසන් නම්, Apply බොත්තම මත ක්ලික් කරන්න. එවිට වෙනස්වීම් හී සාරාංශයක් සහිත කවුළුවක් දිස්වේ. එහිද Apply බොත්තම මත ක්ලික් කරන්න.

When you selected Click on Apply button, after click the Apply button you can see Changes Summery Screen, Click that window Apply button too.

ඉන් පසුව අවෂය පැකේජ බාගත වී ස්ථාපනය වේ.

after that downloads the whatever needed packages and install it to your PC.

දැන් ඔබ Log Off වී නැවත Log වන්න.ඉන්පසු සිංහල අකුරු ඇති ස්ථානයකට ගොස් බලන්න හොදින් දිස්වනවාද යන්න.

Log Off and Log again and visit any other place which have Sinhala Unicode letters and check is it renders properly.

සිංහලින් ලියන්න නම්, To Write in Sinhala

ඔරලෝසුව ලග ඇති SCIM අයකනය උඩ Right Click කර එහි ඇති SCIM Setup යන්න තෝරන්න.

Right Click on the SCIM Icon located in near the Clock. and select SCIM Setup.

අනිකුත් සියළුම යතුරු පුවරු Disable කර ඔබට අවෂ්‍ය දෑ පමණක් තෝරා Apply බොත්තම ක්ලික් කරන්න. මෙය භාවිතයට පහසුය.

Enable what ever key boards you wish and disable other key boards and click on Apply Button. It should be easy to use.

නැවත SCIM අයිකනය මත Right Click කර Reload Configuration යන්න තෝරන්න.

Right Click again on SCIM Icon and Click Reload Configuration.

දැන් ඔබට සිංහලින් ලිවීමේ හැකියාව තිබේ. ඔබ කල යුත්තේ SCIM Icon එක භාවිතා කර යතුරු පුවරුව මාරු කිරීම හෝ CTRL+ Space Bar යතුරු තද කිරීමෙන් යතුරු පුවරුව මාරු කර ගැනීම පමණයි.

Now you can type in Sinhala selecting key board from SCIM Icon or Pressing CTRL+ Space Bar you can change the key board layout.

මම සිතනව මෙය අළුතින් Ubuntu සමග එකතු වන අයට බොහෝ සෙයින් වැදගත් වේවි කියා. ඒ වගේම මෙහි යම්කිසි අඩුපාඩුවක් තිබේනම් ඒ බව ‍දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනව.

Hope this will more important to who haven’t experience with Linux. and also I request is there any doubt please tell me to correct it.


Popularity: 950 views
Tagged with: [ , ]
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

15 Comments on “Sinhala Support in Ubuntu”

  • එළ !

    මම මේ කල්පනා කරන්නේ ඇයි ඔයා මේක මීට සතියකට එක-හමාරකට විතර කලින් ලිව්වේ නැත්තේ කියලා ! :-D

  • 13 December, 2008, 8:04

    බොහොම ප්‍රයෝජනවත් ලිපියක්. ස්තුතියි.

  • 13 December, 2008, 10:51

    @සුපුන්
    කාලය තමා ගැටළුව, මේ දිනවල ටිකක් කාර්යබහුල වැඩියි. ඊයෙ පොය නිසා ලැබුනු නිවාඩුව නිසා තමා මතක් වෙලා ලීවෙ. :)

    @Anandawardhana
    බොහොමත්ම ස්තූතියි.

  • Thilak
    13 December, 2008, 16:15

    Thanks malli….i think u were enough with helping me on this last week…anyway good work and great help…good luck…

  • 13 December, 2008, 23:54

    ස්තූතියි! මමත් ubuntu වලට අළුත්ග මටත් කරගන්න බැරිව හිටියේ මේ ප්‍රශ්නේ.
    බලන්න http://lassana-sri-lanka.blogspot.com
    කාලිංග මහතා සහ මලින්ද මහතා උදව් කලා. ඒත් ඒ ක්‍රමේට යද්දි මට sources.list file එක ැාසඑ කරන්න ඉඩ දුන්නැහැ සිස්ටම් එක. මේ ක්‍රමයත් අත්හදා බලන්නම්.

  • 15 December, 2008, 0:33

    @Thilak, @Thushar

    මේ විදිහට කරල බලන්නකො, මම සිතනව කිසිම අවුලක් නැතිව කරගන්න පුළුවන් වේවි කියල, අවුලක් වුනොත් අහන්න උදවු කරන්නම්.

  • 15 December, 2008, 20:02

    හරියට හරි… දැන් අවුලක් නැහැ… ස්තූතියි.
    තව පොඩි ප්‍රශ්නයක්.. ටයිප් කරද්දී සාමාන්‍ය යුනිකෝඩ් අකුරුවලට වඩා වෙනස් අකුරු ටයිප් වෙන්නේ ඇයි? මෙය නිවැරදි කර ගන්නේ කෙසේද?

  • 15 December, 2008, 21:37

    සමාෙවන්න මට ෙපාඩි අතපසුවීමක් සිදුවුෙන්. කී ෙබා්ඩ් ෙල්අවුට් එක විෙජ්ෙස්කර ක්‍රමයට සකස්කිරීෙමන් පසු ගැටළුවක් නැහැ. ස්තූතියි.

  • 15 December, 2008, 23:12

    @Thushar
    වෙනත් ගැටළු ආවොත් කියන්න කො. මගේ උත්සහය සාර්ථක එකක් වීම ගැන මට ටිකක් සතුටුයි.මන්ද එක් අයෙකු හරි ප්‍රයෝජනයට ගැනීම නිසා.

  • 16 December, 2008, 15:13

    Hi Harshana,

    You got a really nice & useful blog. Good Job & Keep it UP !!!

    Good Luck !

    Kolama :D

  • 16 December, 2008, 18:41

    ස්තූතියි! හැකිනම් මේ ගැටළුවටත් උදව්වක් කරන්න. මගේ Lankabell CDMA දුරකතනය උබුන්ටු මත පිහිටුවා ගන්නේ තොහොමද?
    මම උත්සහ කළ පියවර අඩංගු ලිපිය ඔබ වෙත email කරන්නම්.

  • 16 December, 2008, 22:03

    @Kolama
    Thank you very much.

    @Thushar
    Drivers Install කරන්න නම් ඉතින් ලේසි ක්‍රම නම් නෑ, පොඩ්ඩක් කට්ට කාල තමයි ඉතින් මුල් කාලෙ කරගන්න වෙන්නෙ. ‍පුරුදුඋනහම නම් අවුලක් නෑ. :)

  • ප්‍රවීන් ඉන්ද්‍රනාම
    31 January, 2009, 12:42

    නියමයි. පුලුවන්නම් Mandriva 2009 වලත් සිංහල පිහිටුවන හැටි කියන්න.

  • 1 February, 2009, 18:10

    මම Mandriva භාවිතා කරල නම් නෑ, ඔයාට විසදුමක් ගන්න http://www.techkatha.com වෙත කියල බලන්න, මට වෙලාවක් අහුවුනොත් ස්ථාපනය කරල කියන්නම්, කාලය තමා ගැටළුව.

  • Malinda
    9 March, 2009, 20:55

    එල. මෙගත් නිය මෙට වැඩ කලා. හැබැයි රීස්ටාට් කලාම. බොහොම ස්තුතියි